අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වන කාර්යාලය අද (15) සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
2016 අංක 14 දරණ පනත සහ 2017 අංක 9 දරණ පනත්වලින් සංශෝධිත අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ ඉටු කිරීම) සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වෙන බව රජයේ පුවත් අනාවරණ කර තිබේ.
ඒ අනුව අද සිට අතුරුදහන්වූවන් සඳහා වන කාර්යාලය පිහිටුවනු ලැබේ. එයට අදාළ කාර්යයන් හා රාජකාරි, බලතලද ඒ සමග ක්‍රියාත්මක වේ. මේ සඳහා වන ගැසට් නිවේදනයට පසුගිය (12) වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබනු ලබීය.
Add Comment