චතුරිකා සිරිසේනගේ “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වේ

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (15) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

චතුරිකා සිරිසේන මහත්මිය විසින් ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය වෙත පිළිගැන්වූ අතර අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රධාන සම්භාවනීය ආරාධිත පිරිස වෙත ග්‍රන්ථය පිළිගැන්වීය.

හිටපු ජනාධිපති දියණියක වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය වෙත සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ දියණියක වන ඊෂා විජේවීර මහත්මිය වෙතද ග්‍රන්ථය පිළිගැන්විණි.

මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top