SRILANKAN NEWS

මහින්දානන්ද අළුත්ගමගේට එරෙහි නඩුවට දින නියම කරයි..

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය නැමති වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක‍ෂ 39ක මුදලක් සාවධ්‍ය පරිහරණය කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 29 හා දෙසැම්බර් 11 වැනි දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (15) තීරණය කර තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ වෙනත් අධිකරණ බලප්‍රදේශයක වන හෙයින් මෙම අධිකරණයට මෙම නඩුව විභාග කිරීමට බලයක් නොමැති බවට මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනසුරුවරයා මෙම නඩුව අදාළ දිනවල විභාග කිරීමට තීරණය කර ඇත.