MUSLIMS SRILANKAN NEWS

උතුරේ අවතැන්ව සිටින මුස්ලිම් ජනතාවගේ යටිතල පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර කටයුතු කරනවා

උතුරේ අවතැන්ව ජීවත් වන මුස්ලිම් ජනතාවගේ යටිතල අවශ්‍යතා සහ නිවාස පහසුකම් ගැන තමන් වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන බව තමිලරසු පක්‍ෂයේ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි.

ඒ සඳහා වූ කාලය දැන් උදාවි ඇති බවත්, දෙමළ ජාතික සන්ධානය ද එවැනි ස්ථාවරයකට පැමිණ ඇති බවද හෙතෙම පවසා තිබේ.

යාපනය, කිලිනොච්චිය මුස්ලිම් ජනතා වැඩමුළුව විසින් යාපනය දිස්ත්‍රික්කයේ නිවාස නොමැතිව ජීවත් වන මුස්ලිම් ජනතාව සහ ජනතා නියෝජිතයන් අතරවූ හමුවක් ඊයේ (17) දින පැවැත්වුණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමින් මාවයි සේනාදිරාජා මහතා මේ බව පවසා තිබේ.

තවද තමන් දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සමගිය ආරකෂා කරමින් සිටින බවත්, ඒ සඳහා සියළු දෙනාම එක්වී කටයුතු කළ යුතු යැයි ඉල්ලා තිබේ.