SRILANKAN NEWS

ශ්‍රී ලංකාව තුළ විශාල පිරිසක් තවඳුරටත් මර්ධනයට ලක්වෙනවා – එ.ජා. සංවිධානය

ශ්‍රී ලංකාව තුළ තවඳුරටත් විශාල පිරිසක් මර්ධනයට ලක්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. යුද්දය අවසන්වූ නමුත් ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනෙකු වෛරී සහගත සහ මර්ධනය හේතුවෙන් පීඩාවට පත්වන බව පවසා තිබේ.

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නිත්‍ය නියෝජිත උනා මක්කුලි විසින් නිකුත් කළ වාර්තාවේදී මේ බව සඳහන් කර ඇති බව පවසා තිබේ. සාමය ගොඩනැගීම සහ සංහිදියාව ඇති කිරීමේ වැඩපිළිවලට සියළු දෙනාගේම සහාය අවශ්‍ය බව පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකාව තුළ යුද්දය අවසන්වූ නමුත් බොහෝ පිරිසක් මර්ධනය ලක්වන බවත්, ස්ථීර සාමයක් ගොඩනැගීමට තවමත් අවස්ථාවක් තිබෙන බව ද පවසා තිබේ. අවශ්‍යතා රැසක් ඉටුකිරීමට ඇති බවත්, සියළු දෙනාගේ සහාය එයට අවශ්‍ය බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.