එ.ජ.නි.ස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් පුෂ්පකුමාර අත්අඩංගුවට..

රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ තුනක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු වන අමල් පුෂ්පකුමාර සිල්වා මහතා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි.

ජීව උණ්ඩ තුනක් තමන් සන්තකයේ තබා ගැනීම නිසා පොලිසිය විසින් අමල් පුෂ්පකුමාර සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ටශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top