කෘමිනාශක තහනම් කළ යුතුයි – ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන කෘමිනාශක තහනම් කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මෙම අදහස් පල කර තිබේ.

සාරවත් රටක් දකින්නට නම් කෘෂිකර්මාන්තය නගා සිටවීමට කැපවී කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා රටේ ජනතාව විශාල කැපවීමක් කළ යුතු බවද හෙතෙම පවසා තිබේ.

කෘමිනාශක භාවිතය පාලනය කළ ද එමඟින් රටට මෙතෙක් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවත්, රට තුළ කෘමිනාශක තහනම් කළ යුතු බවද වන්නිල ඇත්තෝ වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top