අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට –

පොලිස් අපරාධ කොට්ඨසයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අක්මීමන දයාරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණි.

ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top