SRILANKAN NEWS

සම්බන්‍ධිකරණ කමිටුවේ තීරණය පිටුපා මුක්කොම්බන් හරහා වැලි ප්‍රවාහනය කරයි..

පූනගරි ප්‍රාදේශිය සම්බන්‍ධිකරණ කමිටුවේ තීරණය ද නොතකා මුක්කොම්බන් හරහා යාපනයට වැලි ප්‍රවාහනය කරන බව මුක්කොම්බන් ප්‍රදේශවාසීන් පවසති.

මුක්කොම්බන් ප්‍රදේශයේ සිට පත්තාම්කට්ටයි දක්වා කොන්ක්‍රීට් දමා මාර්ගය පිළිසකර තිබේ. එම මාර්ගයෙන් දිනපතා 20කට වැඩි වැලි රැගත් ට්‍රිපර් රථ ගමන් කිරීමෙන් කොන්ක්‍රීට් මාර්ගය අබලන් වන බවට ප්‍රදේශවාසීන් විසින් පූනගරි ප්‍රාදේශිය සම්බනධිකරණ කමිටුවට දැනුම් දී තිබුණි. එයට සම්බන්‍ධිකරණ කමිටුව විසින් මින් ඉදිරියට වැලි රැගත් ට්‍රිපර් රථ එම මාර්ගයෙන් ගමන් කිරීමට අවසර ලබා නොදෙන බවට සහතිකවූහ.

නමුත් වසරක කාලයක් ගතවූවද දැනටත් වැලි රැගත් ට්‍රිපර් රථ තම ප්‍රදේශය හරහා ගමන් කරන බවත්, මේ හේතුවෙන් අක්කරායන් සිට තම ප්‍රදේශය දක්වා වූ මාර්ගය දැඩි ලෙස අබලන්වී ඇති හෙයින් ඉකුත් කොන්ක්‍රිට් මාර්ගය හෝ ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට පැවරී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

වැලි ජාවාරම රහසිගත සිදුකිරීම සඳහා මෙම මාර්ගය භාවිතා කරමින් සිටින බව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම්ට සහ පූනගරි ප්‍රාදේශිය ලේකම්ට තොරතුරු ලබාදුන් නමුත් මෙතෙක් එයට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔවුන් පවසා සිටිති.

මෙම වැලි ජාවාරමට අක්කරායන්, පූනගරි පොලිසියේ සහාය ද තිබෙන බවට සම්බනධිකරණ කමිටු රැස්වීමේදී ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබාදුන් දුන් නමුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මුක්කොම්බන් ජනතාව පවසති.