අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට යුක්තිය හා නිදහස අවධාරණය කර අද (9) දින යාපනය බස් නැවැතුම් පොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
අද පෙරවරු 9 සිට 12 දක්වා පැවැති මෙම උද්ඝෝෂණය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි. දිගු කලක් තිස්සේ නඩු විභාගයකින් තොරව රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු යැයි අවධාරණය කරමින් ඔවුන් උද්ඝෝෂණයෙහි නිරතවූහ.
මෙම අවස්ථාවට දේශපාලන පක්‍ෂ, පොදු සංවිධානවල නියෝජිතයන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.
Add Comment