ඉන්ධන මිල වැඩි කිරීම ගැන තීරණයක් නැහැ – අර්ජුන රණතුංග

ඉන්ධන මිල වැඩි කිරීමට රජයක් හැටියට කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය. අර්ජුන රණතුංග මහතා පවසයි.

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“ මේ තෙල් මිල වැඩි කිරීම මේ වෙලාවේ කළ යුතු දෙයක් නොවේ. රජයක් හැටියට කිසිඳු තීරණයක් ගෙන නෑ. මිල සූත්‍රයක් ගැන අවුරුදු කීපයක් තිස්සේ සාකච්ඡා කරමින් යනවා. මහජනතාවට සහන දුන් නිසා ආයතනය වූ පාඩුව පසුව දැනුවත් කරන්නම්. මිල සූත්‍රයක් පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කරන්න කිසිඳු සූදානමක් නැතැයි ද ඛණිජ තෙල් සංස්ථාව ශක්තිමත් කිරීම රටක් ලෙස තිබෙන වගකීමක්. ඒ ස්ථාවරයේ තමන් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top