SRILANKAN NEWS

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලිපිය යාපනය සරසවි සිසුන් හරවා යවලා..

downloadයාපනය සරසවි සිසුන් දෙදෙනා ඝාතනයවීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කර යාපනය සරසවි ප්‍රජාව කළ ඉල්ලීම සලකා බලන්නයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ පිටපත යාපනය සරසවි සිසුන් හරවා යවා තිබේ.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුකාරවරයා යවා ඇති ලිපිය සිංහළ භාෂාවෙන් පමණක් ලියා ඇති හෙයින්, ආණ්ඩුකාරවරයා එම ලිපිය මඟින් පවසා සිටින්නේ කුමක්දැයි තමන් නොදන්නා බව පවසා ඇති යාපනය සරසවි සිසුන්, ශ්‍රී ලංකාවේ පරිපාලන රාජ්‍ය භාෂා ලෙස සිංහළ හා දෙමළ භාෂා දෙකම තිබෙන බවද පෙන්වාදී තිබේ.

ආණ්ඩුකාරවරයාගේ එවූ ලිපියේදීම ඉංග්‍රීසි භාෂාවෙන් මෙලෙස සඳහන් කර නැවත ආණ්ඩුකාරවරයා වෙතම එම ලිපිය යවා තිබේ.

රටේ පරිපාලන භාෂාවන් ලෙස සිංහළ හා දෙමළ භාෂාව තිබෙන අතර, සිංහල භාෂාවෙන් පමණක් ලියන ලද ලිපියක් අප වෙත එවා තිබූ බවත්, එහි කුමක් පවසා තිබෙන්නේදැයි නොදන්නා හෙයින් එම ලිපිය තමන් නැවැත ආණ්ඩුකාරවරයා වෙතම යැවූ බව යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගම් නායක කේ. රජීවන් පවසා සිටියේය.

download-1

– Global Tamil News : Sinhala