මිලියන 2000ක වියදමින් උතුර නැගෙනහිරදී නිවාස 50 දාහක් සහ ජිවනෝපාය වැඩසටහන් රැසක්…

ලබන වසරේදි උතුර නැගෙනහිර ප්‍රදේශවල රුපියල් මිලියන දෙදාහක වියදමින් නිවාස 50 දාහක් සහ ජීවනෝපාය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ ලේකම් සිවඥානසෝදි පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ 12 දාහකට ආසන්න පිරිසක් ඥාතීන්, මිතුරන්ගේ නිවස්වලද, පවුල් 700කට අධික පිරිසක් අවතැන් කඳවුරුවලද සිටිති. එමෙන් මෙම ප්‍රශ්ණය කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්ණයක් ලෙස හඳුනාගෙන යාපනය දිස්ත්‍රික්කයට නිවාස 14 500ක් වෙන්කර තිබෙන බවත්, යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුර නැගෙනහිර පළාත්වල නිවාස 50 දාහක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද පවසා ති‍ෙ

මෙම නිවාස ව්‍යාපෘතිය ලකුණු ලබාදීමේ ක්‍රමවේදයකට අනුව වැඩි අවශ්‍යතාවයෙන් යුතු පවුල්වලට ප්‍රමුඛස්ථානය දී ලබාදීමට තිරණය කර ඇති බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top