පකිස්ථාන විදේශ ලේකම් සහ ජනපති අතර හමුවක්

දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම් Tehmina Janjua මහත්මිය ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

පකිස්ථානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයක් විවෘත කිරීමට ද මෙම ශ්‍රී ලංකා සංචාරය තුළදී පකිස්ථාන විදේශ අමාත්‍යවරිය එක්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාර්යවසම්, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හස්මාට් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top