දකුණේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී ඇසුණු ආගන්තුක ශබ්දය හා ආලෝක එළියට හේතුව උල්කාශ්මයක්

ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී (18) ඇසුණු ආගන්තුක ශබ්දය හා ආලෝක එළිය පිළිබඳව කිසිදු කලබලයකට පත් නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

ගාල්ල, නෙළුව, මාතර, කඹුරුපිටිය හා එම අවට ප්‍රදේශ විශාල අලෝකයක් සමග මුහුදු ප්‍රදේශ ආසන්නේය විශාල ශබ්දයක් ඇති වූ බවට ජනතාව එම ආයතනයට දැන්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ඊයේ රාත්‍රී 9ට පමණ අහසේ තිරස් අතට පාවෙමින් ගොස් දකුණු දෙසට කඩා වැටුණු ආකාශ වස්තුවක් හේතුවෙන් එම හඩ හටගෙන ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙවැනි උල්කාශ්මියක් තත්පරයකට කිලෝමීටර 65 ක් පමණ වේගයකින් පොළොවට ගමන්කරන බවත් එහිදී වායුගෝලයේ ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවන රත්වීමෙන් ඔක්සිජන් සමග ගැටී ගිනිගන්නා බවත් එම එලිය අපට දක්නට ලැබෙන බවත් ජයරත්න මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top