SRILANKAN NEWS

නීතිඥ සංගමයේ හදිසි රැස්වීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කර ඇති මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා  නීතිඥ සංගමයේ හදිසි රැස්වීමක් අද(23) කැඳවා තිබේ.
රැස්වීමෙන් අනතුරුව එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා සඳහන් කළේය.