වැට් සංශෝධිත පනත වැඩි ඡන්ද 66කින් සම්මතයි

vat බදුපාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 53කින් ඊයේ (26) පස්වරුවේ සම්මත විය. මෙම පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමෙන් අනතුරුව පක්ෂව ඡන්ද 76 ක්ද, විපක්ෂව ඡන්ද 23ක්ද ලැබුණි.

මන්ත්‍රීවරුන් 65 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

ඡන්දය විමසන අවස්ථාවේදී සිය විරෝධය පළකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කළුපටි පැලඳ සිටියහ. ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top