යාපනයේ සුදු කොඩි රැගෙන විරෝධතාවක්…

දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර පැවැති විරෝධතාවයට දේශපාලන සිරකරුවෙකු ලෙස බන්‍ධනාගාරයේ සිට නිදහස් වූ කෝමහන් සුදු කොඩි රැගෙන එක්විය.

යාපනය මධ්‍යම බස් නැවැතුම් පොළ ඉදිරිපිට අද පෙරවරු 10.30ට පමණ දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර, ආහාර වර්ජනයෙහි නිරතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙස ද ඉල්ලා නව ප්‍රජාතාන්ත්‍රික මාක්සිස්ට් ලෙනින් පක්‍ෂය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

එහිදී කෝමහන් පවසා සිටියේ, පසුගිය 14වනදා ජනාධිපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවේ කළු කොඩි රැගෙන විරෝධතා කළා.. ඒ සම්බන්‍ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළ කරමින් පවසා සිටියේ, මට විරුද්ධව කළු කොඩි ඔසවන්න එපා, සුදු කොඩි ඔසවන්න, කළු කොඩි දමා මාව බලහීන කරන්න එපා, එයින් යක්‍ෂයන් බලයට එනු ඇති බවය. එමෙන් ඔහු ඉල්ලා සිටි පරිදි අද දින අපි සුදු කොඩි රැගෙන විරෝධතාවයෙහි නිරතවනවා. එලෙසම ජනාධිපතිවරයා ද අපගේ ඉල්ලීම ඉටුකළ යුතු බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top