විමල්ගේ නිවසින් මල සිරුරක්

evening-tamil-news-paper_419318795211හෝකන්දර මංගල මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ නතරවී සිටි බව කියන තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (26) දහවල් සොයා ගෙන ඇත.

වයස අවුරුදු 24ක් වන එම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විට මියගොස් සිටි බවත් වීරවංශ මන්ත්‍රීවරයාගේ පුතුගේ මිතුරෙකු බවත් පොලීසිය සදහන් කරයි.

තලංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය ගෙන් සිද්ධියට අදාළව කට උත්තරයක්ද ලබා ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top