මැතිවරණ කොමසාරිස් හා පක්‍ෂ නායකයන් අතර සාකච්ඡාවක් අද

දේශපාලන පක්‍ෂ හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය අතර විශේෂ සාකච්ඡාවක් අද. (26) පැවැත්වෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී පස්වරු 3.00 ට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි.

මෙරට පිළිගත් දේශපාලන පක්‍ෂ හැත්තෑවටම ඒ සඳහා සහභාගි වන ලෙස දැනුම්දී ඇති බවද සභාපතිවරයා කියාසිටියා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා ඒ සම්බන්ධයෙන් මතුව ඇති අනෙකුත් තත්ත්වයන් පිළිබඳ මෙහිදී දේශපාලන පක්‍ෂ දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් කියාසිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top