තොරතුරු ඉල්ලා සිටින විට අසත්‍ය තොරතුරු ලබා දෙනවා – සි. තවරාසා

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින තොරතුරුවලට අදාළ නිලධාරින් අසත්‍ය වැරදි තොරතුරු ලබා දෙන බව උතුරු පළාත් විපක්‍ෂ නායක සි. තවරාසා පවසයි. උතුරු පළාත් සභාවේ 108වන සභා සැසිවාරය අද දින පැවැත්වුණි. එහිදී සභාව අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

උතුරු පළාත් දෙපාර්තුමෙන්තුවල නිලධාරින් තම පුද්ගලික අවශ්‍යතා සඳහා දෙපාර්තුමෙන්තුවේ වාහන භාවිතා කරමින් සිටිනවා. ඒ සම්බන්‍ධයෙන් තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉකුත් දෙපාර්තුමෙන්තුවෙන් ඉල්ලා සිටියද, ඔවුන් වැරදි අසත්‍ය තොරතුරු ලබා දෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top