ප්‍රධාන මාර්ග අලුත්වැඩියා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

කිලිනොච්චිය, ස්කන්දපුරම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ග අලුත්වැඩියා කර දෙන්නැයි ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.

පවුල් 700කට වැඩි පිරිසක් ජීවත් වන ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියා කර නොමැත. ස්කන්දපුරම් අංක 01, අංක 02, පාසල් සහ අක්කරායන් මහා විද්‍යාලයට යන සිසුන් අබලන්වූ මාර්ගයෙන් ගමන් කිරීමට නොහැකි තත්වයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.

මේ සම්බන්‍ධයෙන් අදාළ බලධාරින්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත දන්වා සිටි නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ජනතාව පවසයි.

මේ අතර, ස්කන්දපුරම් ප්‍රදේශයේ සිට අක්කරායන් මහා විද්‍යාලය දක්වා වූ මාර්ගය අලුත්වැඩියා කර දෙන්නැයි පසුගිය වසර 7ක කාලයක් සිට ජනතාව ඉල්ලා සිටින නමුත් එම මාර්ගය අලුත්වැඩියා කිරීමට මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ජනතාව කනස්සල්ල පළ කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top