ශ්‍රී ලංකා – පකිස්ථාන අවසන් විස්සයි 20 තරඟයේ ජයත් පාකිස්ථානයට

ශ්‍රී ලංකාව එරෙහිව පාකිස්ථානයේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන හා අවසන් පන්දුවාර 20 යි 20 තරගය ලකුණු 36 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ(29) සමත්විය.

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව, පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවි රැස් කරගත හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

ඒ අනුව, තරඟ තුනකින් යුත් 20-20 තරඟාවලිය 3-0ක් ලෙස පාකිස්ථානය ජය හිමකරගත්තේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top