හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් මුදා හැරේ

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි 9 ක් වටිනා වෙඩි නොවදින වාහනයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතා (කරුණා අම්මාන්) එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ඔහුට එරෙහිව ඉදිරියට නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති ලිපියක් සලකා බැලීමේන් අනතුරුව මෙම නියෝගය නිකුත් කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

2010.10.28 වැනි දින මෙම ජිප් රථය මඩකලපුව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top