යාපනය සරසවි පරිශ්‍රය සිසුන් ඇතුල්වීමට තහනම් කළ ප්‍රදේශයක් බවට ප්‍රකාශ කරයි..

යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයට සිසුන් ඇතුල්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව විශ්ව විද්‍යාලයේ උප කුලපති ආර්. විග්නේෂ්වරන් මහතා නිල වශයෙන් දැනුම් දී තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඔහු විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ..

යාපනය විශ්ව විද්‍යාලය තුළ දැනට ඇතිවී තිබෙන අසාමාන්‍ය තත්වය සම්බන්‍ධයෙන් අද අඟහරුවාදා උප කුලපති සමඟ සියළු පීඨාධිපතිවරුන් සාකච්ඡා කළේය. ඒ අනුව, කලා, විද්‍යා, සහ වාණිජ යන පීඨවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයට සිසුන් ඇතුල්වීම ද තහනම් කර ඇති අතර, නේවාසිකාගාරව සිටින අදාළ පීඨවල සිසුන් හෙට බදාදා දින සවස 4ට පෙර නේවාසිකාගාරවලින් පිටත්විය යුතු බව දන්වා සිටින බවද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top