නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද අත්සන් තබා ඇත.
අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙම ගැසට් පත්‍රයට අත්සන් තැබීමෙන් පසු එය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරනු ලැබේ. අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත එය යොමු කිරීමෙන් පසු පළාත් පාලන ඡන්දය පවත්වන දිනය තීරණය කරනු ලැබේ.
Add Comment