ලෝක බෞද්ධ සමුළුවට පැමිණි නියෝජිත පිරිස සහ ජනපති අතර හමුවක්

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුථවට සහභාගීවීම සදහා දිවයිනට පැමිණි නියෝජිත පිරිස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝනායක හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිති. ජනාධිපතිතුමා එම නියෝජිත පිරිස සමඟ සුහද කථා බහක නිරත විය.

“ලෝක සාමය උදෙසා බුදු දහම” යන තේමාව යටතේ සමුළුව පසුගිය 02 වැනි දා කොළඹදී ආරම්භ කෙරුණු අතර එය ලබන 07 වනදා දක්වා පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top