යාපනයේ සිට අනුරාධපුරයට විශේෂ කණ්ඩායමක්

අනුරාධපුර බන්‍ධනාගාරයේ පසුගිය දින 40කට වැඩි කාලයක් ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සත්‍යග්‍රහය අත්හිටුවන ලෙස අවධාරණය කර යාපනයේ සිට කණ්ඩායමක් ඊයේ දින රාත්‍රී අනුරාධපුරය බලා පිටත්වී තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්, ඊයේ දින සිසුන්ව හමුවූ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිස අද දින දේශපාලන සිරකරුවන්ව හමුවී ඔවුන්ගේ සත්‍යග්‍රහය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට නියමිත බව පැවැසේ.

එම කණ්ඩායම ලබන සතියේදී ජනාධිපතිවරයා හමුවී දේශපාලන සිරකරුවන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද තිරණය කර තිබේ.

ඊයේ දින සිසුන් සමග පැවැති සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්, එම පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, ඊ.පී.ඩි.පී. පාර්ලිමෙන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා, අංගජන් රාමනාදන් ඇතුළු පිරිස සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top