SRILANKAN NEWS

විදෙස් ටෙලිනාට්‍ය/චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සදහා වන බද්ද ඉහල යයි

පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය/චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිබේ.

මෙරට රූපවාහිනි මාධ්‍ය තුල විකාශය කෙරෙන විදේශ ටෙලිනාට්‍ය / චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකික සම්ප්‍රදාය / අනන්‍යතාව හා ආචාර ධර්මවලට පටහැනි බව නිරීක්ෂණය වන බැවින් එම හානිය අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ඉදිරිපත්වූ ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන තිබේ.

ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අයකිරීම සඳහා වලංගු 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන තුන අවලංගු කර ඇති අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ගාස්තු අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

එහෙත් සිංහල / දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවෙන් නිෂ්පාදනය කරන ලබන ටෙලිනාට්‍ය
/ චිත්‍රපටවල මුල් පිටපත් හඬකවා නොමැතිනම් ඒවාට මෙම ගාස්තු අයකිරීම අදාළ වන්නේ නැහැ.