මෙම වසරේ දී උතුරු පළාතේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6200ක් වෙන් කොට ඇති බවත් මෙම මුදල ඉතිහාසයේ උතුරු පළාත වෙනුවෙන් ලබාදුන් වැඩිම මුදල බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
දිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය ඊයේ (28)දා ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩනැගීම සඳහා පාසල් දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් සහ ගුරුවරුන් ද රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වී තිබේ. මෙලෙස පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල රුපියල් මිලියන 10.54 ක් වන අතර ඉතිරි මුදල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ. දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20ක් වැය වී ඇත. අලිමංකඩ දුම්රිය ස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.
වත්මන් රජයට බලයට පැමිණීමෙන් අනතුරුව අතීතයේ පැවැති අත්දැකීම් නැතිකරගැනීමට කටයුතු කරන බවත් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි පාසල් 10,161න් පාසල් 7000ක දැවැන්ත සංවර්ධනයක් සිදු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා දකුණේ මෙන් ම උතුරේ ද දෙමාපියන්ගේ අනාගත අරමුණ වන්නේ තම දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන බවත් පෙන්වාදුන්නේය.
– Global Tamil News : Sinhala
Add Comment