SRILANKAN NEWS

තෙල් අර්බුදය හේතුවෙන් තෙල් සංස්ථාවට ලක්‍ෂ 422ක ලාභයක්..

පසුගිය සතියේ තෙල් හිඟයක් සමඟ ඇතිවූ ඉල්ලුම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දින හතරක් තුල රුපියල් ලක්‍ෂ 422ක අධික ලාභයක් ලැබී ඇති බව වාර්තාවේ.

පෙට්‍රල් හිඟය ඇති වූ පසුගිය 4 වනදා තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් ලීටර 44 ලක්‍ෂයක් ද, 5වනදා පෙට්‍රල් ලීටර ලක්‍ෂ 10ක්ද, 6වනදා පෙට්‍රල් ලීටර ලක්‍ෂ 38ක්ද, 7වනදා පෙට්‍රල් ලීටර ලකෂ 39ක්ද නිකුත් කර තිබේ. සමාන්‍යෙයන් රටේ සමස්ත පෙට්‍රල් අලෙවිය ලීටර ලක්‍ෂ 37ක් වන අතර, එයින් ලක්‍ෂ 32ක්ම අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි.

පසුගිය දිනයේ සාමාන්‍ය දිනවලට වඩා පෙට්‍රල් ලීටර ලක්‍ෂ 26ක ප්‍රමාණයක් අලෙවි කර තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපයදී පමණක ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්‍ෂ 422ක අධි ලාභයක් උපයාගෙන ඇති බව වාර්තාවේ.