යුද්ධය පැවති කාලයේ හමුදා කඳවුරු සඳහා පවරාගත්, එහෙත් මේ වන විට ති‍්‍රවිධ හමුදාවේ කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නැවත නිදහස් කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, ඉදිරියට ද එසේ පවතින ඉඩම් එම ජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නාරාහේන්පිට යුධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී ශී‍්‍ර ලංකා යුධ හමුදා නිළධාරින් අමතමිනි.
එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා සිටියේ, යුද්ධය කළ කිසිදු රණවිරුවෙකුට එරෙහිව වර්තමාන රජය යටතේ කිසිදු ආකාරයේ පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නොමැති අතර එම රණවිරුවන් අගෞරවයට පාත්‍ර වන අයුරින් එවැනි පරීක්ෂණයක් ආරම්භ කර හෝ නොමැති බවය.
ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් ලබාදිය යුතු සියලූ වරප්‍රසාද හා පහසුකම් ලබාදීමට රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවීමෙන් කටයුතු කළ අතර ඉදිරියට ද සියලූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාම ලැබූ සහ ආබාධිත වූ පිරිස් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ ද සුබසාධනය සහ වරප්‍රසාද දිනා දීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පවසා සිටියේය.
Add Comment