දෙමළ මහජන සභාවේ විශේෂ රැස්වීමක් –

දෙමළ මහජන සභාවේ විශේෂ රැස්වීමක් යාපනය පොදු පුස්තකාලයේදී එහි නායක සී.වි. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වේ.

ඉකුත් රැස්වීමට සභාවේ සම නායකයන් වන ලක්‍ෂ්මන්, වෛද්‍ය වරදරාජන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ඊ.පී.ඩී.පී. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සහ පොදු සංවිධානවල නියෝජිතයන් ද සහභාගිවී සිටිති.

පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වන අවස්ථාවක, පොදු සංවිධානවල සන්ධානය නමින් අලුත් සන්ධානයක් පිහිටුවීම ගැන පසුගිය දිනවල කතාබහට ලක්ව තිබෙන තත්වයක මෙම රැස්වීම පැවැත්වීමට විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top