SRILANKAN NEWS

රටේ ජාතික ආරක්‍ෂාවට කිසිඳු තර්ජනයක් එල්ල කිරීමට ඉඩ තබන්නේ නැහැ – රුවන් විජේවර්ධන

මෙරට ජාතික ආරක්‍ෂාවට කිසිඳු තර්ජනයක් එල්ල කිරීමට ඉඩ නොතබන බව ආරක්‍ෂ රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි. ඒ සඳහා රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව ද හෙතෙම පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.