සිම්බාබ්වේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වසර 37ක කාලයක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ මුකාබේ මහතා සාමකාමී බල සංක්‍රාන්තියක් වෙනුවෙන් තමන් ස්වෙච්ජාවෙන්ම මේ තීරණය ගත් බව එරට පාර්ලිමේන්තු කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත. ඒ සමගම ඔහුට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ද නතර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රොබට් මුගාබේගෙන් අනතුරුව හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගාග්වා රටේ නායකත්වයට පත්වනු ඇතැයි, පාලක සානු පී.එෆ. පක්ෂය පවසයි.

නන්ගාග්වාව උප ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය මුල්කර ගනිමින් මේ මස මුල දී සිම්බාබ්වේ රාජ්‍යය බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ පෑවේය. 93 හැවිරිදි මුගාබේ ලොව වයෝවෘද්ධම නායකයා ලෙස සැලකේ.

1980 සිට සිම්බාබ්වේ රාජ්‍යයට නායකත්වය ලබාදුන් මුගාබේගේ ඉවත්වීමත් සමග සිම්බාබ්වේ රාජ්‍යය නව දේශපාලන පරිච්ජේදයකට මුල පුරනු ඇතැයි, විශ්ලේෂකයින් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top