ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියට සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත නවක නිලධාරීන් 108 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය කිරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
ඔබ නිවැරදි දෙයක් කළ හොත් ඒ වෙනුවෙන් අප පෙනී සිටින නමුත් ඔබ වැරදි දෙයක් කළ හොත් ඒ වෙනුවෙන් ඔබගේ හෘදය සාක්ෂිය පවා පෙනී නොසිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සැමවිට ම රාජ්‍ය නිලධාරීන් ලෙසත් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් ලෙස නිවැරදි තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා මෙහිදී දැඩිව අවධාරණ ය කළෙය.
අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියේ තනතුරු පුරප්පාඩු සඳහා පැවති විවෘත තරග විභාගයෙන් සමත් වී මෙම වසරේ දී පත්වීම් ලැබූ නිලධාරීන් 196 දෙනෙකු සහ සීමිත තරග විභාගයෙන් සමත් වී පත්වීම් ලැබූ නිලධාරීන් 308 දෙනෙකුගේ සේවාරම්භක පුහුණුව එළඹෙන වසර ආරම්භයේ දී අවසන් වීමට නියමිත අතර ඉන් පසු ඔවුන් රාජකාරි ස්ථාන සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇත.
පත්වීම්ලාභි මෙම නිලධාරීන් ද මාස දෙකක න්‍යායාත්මක සහ ප්‍රායෝගික සේවාරම්භක පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව අදාළ සේවා ස්ථාන වෙත රාජකාරි කටයුතු සඳහා යොමු කෙරේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Add Comment