SRILANKAN NEWS

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිතුමා එහි සිට අද (30) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබාදී ඇති අතර, විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා සහ ඔවුන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව යෙදවීමට ද උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට මුහුණදී ඇති ධිවරයින් ඇතුළු පිරිස් සිටීනම් ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.