මහනුවර මහ නගර සභා ගෘහස්ථ කී‍්‍රඩාගාරය ජනපති අතින් විවෘත කෙරේ

ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් යුත් ගෘහස්ථ කී‍්‍රඩා අත්දැකීමක් මහනුවර තරුණ තරුණියන් වෙත ද ලබාදෙමින් ඉදිකෙරණු මහනුවර මහ නගර සභා ගෘහස්ථ කී‍්‍රඩාගාරය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (03) පස්වරුවේ විවෘත කෙරිණි.

වසර 145 ක් පුරා ගව ඝාතකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මහනුවර සුදුහුම්පොල පිහිටි පර්චස් 80 ක වපසරියකින් යුත් භූමියේ රුපියල් මිලියන 220 ක් වැය කරමින් මෙම අංග සම්පූර්ණ ගෘහස්ථ කී‍්‍රඩාගාරය ඉදිකර තිබේ.

බැඞ්මින්ටන්, මේසපන්දු, දැල්පන්දු, අත්පන්දු ආදී කී‍්‍රඩා පහසුකම්වලින් මෙන්ම පේ‍්‍රක්ෂකයින් සදහා ආසන 2000 ක ඉඩකඩ පහසුකම්වලින් සහ සම්මන්ත‍්‍රණ සහ උත්සවය පැවැත්වීමේ පහසුකම්වලින් මෙන්ම ශාරිරික සුවතා හා ව්‍යායාම මධ්‍යස්ථානයකින් හා කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් සදහා නේවාසික පහසුකම්වලින් මෙම කී‍්‍රඩාගාරය සමන්විතය.

සමබර මානසිකත්වයකින් හා මනා පෞරුෂත්වයකින් යුත් සෞඛ්‍ය සම්පන්න නිරෝගී, විනයගරුක සමාජයක් බිහිකිරීමේ අරමුණින් මහනුවර මහ නගර සභාවේ ප‍්‍රතිපාදන මත මෙය ඉදිකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top