හෙරොයින් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට – සැකකරුවෙකු සතුව තිබී ගිනි අවියක්ද සොයා ගනී..

හෙරොයින් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි එක් සැකකරුවෙකු සතුව තිබී ගිනි අවියක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මිරිහාන නව රෝහල ප්‍රදේශයේ දී පොලීසිය කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 130ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරකට අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මහරගම ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 170ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ල විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 540ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී ද තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top