හිරු ලකුණින් නව දේශපාලන කණ්ඩායමක්..

දෙමළ විමුක්ති සන්ධානයේ හිරු ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට අද පස්වරු 2ට ගිවිසුමට අත්සන් තබා තිබේ. දෙමළ විමුක්ති සන්ධානයේ යාපනය කාර්‍යාලයේදී අද දහවල් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම නව කණ්ඩායම සඳහා වූ ගිවිසුමට අත්සන් තබා ඇත.

දෙමළ විමුක්ති සන්ධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්, පක්‍ෂය, තමිලරසු පක්‍ෂයේ හිටපු තරුණ කණ්ඩායම් නායක සිවකරන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රික තමිලරසු පක්‍ෂය, ඊරෝස්, ත්‍රිකුණාමලය සිට ක්‍රියාත්මක වන පුනරුත්ථාපනය ලැබූ දෙමළ විමුක්ති කොටි පක්‍ෂය, සහ පොදු සංවිධාන තුනක් ද මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

සෙල්වම් අඩයිකලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්‍ෂය ද මෙම නව කණ්ඩායම සමග එක්වීමට එකඟතාව පළ කර ඇති බවත්, ඔවුන්ද මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top