බෙදී යෑමට හේතුව ආත්මාර්ථකාමී භාවයයි – විග්නේෂ්වරන්

දෙමළ ජාතික සන්ධානය ශක්තිමත් දේශපාලන පක්‍ෂය ලෙස පත්විය යුතුයි යන්න තම ස්ථාවරය බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත පක්‍ෂ අතර ඇති වී තිබෙන බෙදීම ගැන ඔබගේ ස්ථාවරය කුමක් දැයි ඊයේ (8) දින මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය,

ආත්මාර්ථකාමී භාවයක් ඇති වන විට මෙවැනි බෙදීමක් ඇතිවීම සාමාන්‍යයි. එම ආත්මාර්ථකාමී භාවය එම බෙදීම නිවැරදි කිරීමටත් උදව්වනු ඇත. 1949දී තන්දයි සෙල්වා කොංග්‍රසයේ සිට ඉවත්වුනා. යුද්දය අවසන් වූ කාල වකවානුවේදී ආත්මාර්ථකාමී හේතු මත ප්‍රබාකරන්ගෙන් ඇතම් පිරිසක් ඉවත්ව ගියා.

එමෙන් බෙදීම ප්‍රතිපත්තිය නිමිත්තෙන් ඇතිවෙනවා. ආත්මාර්ථකාමී හේතු මත ද සිඳුවිය හැක. අදට ඇතිවී තිබෙන බෙදීම කෙසේ ඇතිවූවාදැයි ඔබලාම සොයා බලා දැන ගන්න. එය දේශපාන නිරීක්‍ෂයන්ගේ වැඩක්.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්තිය අප දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ආරක්‍ෂාව, සංවර්ධනය, ප්‍රවර්ධනය සඳහා වෙනස් කර සියළු දෙනා එක්වූ ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් ලෙස ප්‍රවර්ධනය විය යුතුයි යන්න මගේ ස්ථාවරයවේ. යැයි මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top