මාධ්‍යවේදීන්ව තර්ජනය කිරීමේ සිද්ධියට හා හමුදාවට සම්බන්‍ධයක් නැහැ..

මුල්ලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධියට හා හමුදාවට සම්බන්‍ධයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොහාන් සෙනවිරත්න මහතා පවසයි.

පසුගිය සෙනසුරාදා දින මුල්ලතිව් තන්නිමුරිප්පු ප්‍රදේශයේ සිංහලීකරණය පිළිබඳව පුවත් ආවරණය කිරීමට යාපනයේ සිට ගිය මාධ්‍යවේදීන්ව තර්ජනය කර ඔවුන්ගේ කැමරාවල තිබූ ඡායාරූප සහ වීඩියෝ සියල්ල මකා දමා තිබුණි.

අදාල සිද්ධිය සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා සිටියේය, ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් මුල්ලතිව් හමුදා ප්‍රධානියාගෙන් විමසූ විට, හමුදාවට හා මෙම සිද්ධියට කිසිඳු සම්බන්‍ධයක් නොමැති බවත්, සිවිල් ඇඳුමින් හමුදාව එම ස්ථානයට නොගිය අතර, එම ස්ථානයේ සිටින පුද්ගලයන් හමුදාවට අයත් පුද්ගලයන් නොවන බවද පවසා සිටියේය.

එමෙන් එම සිද්ධියට හා හමුදාවට කිසිඳු සම්බන්‍ධයක් නොමැති බව තරයෙන් ප්‍රකාශ කරන්නෙමි යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර, ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය පවසා සිටියේ, මාධ්‍යවේදීන්ව තර්ජනය කළේ නැහැ, ඔවුන්ම තම කැමරාවල තිබූ ඡායාරූප සියල්ල මකා දැමුවා. සිද්ධිය සම්බන්‍ධයෙන් මාධ්‍යවේදීන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් එය ගැන නිසි පරීක්‍ෂණයක් පවත්වනවා‘ යැයි පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top