SRILANKAN NEWS

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (12) දින සිට ආරම්භ වේ. මධ්‍යස්ථාන 5116කදී අපේක්‍ෂකයින් හයලක්‍ෂ 88,563 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටින සියලු අපේක්‍ෂකයන් විභාගය ආරම්භ වීමට අවම වශයෙන් පැය භාගයකට පෙර තමන්ගේ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දැනුම් දී තිබේ.

මේ අතර, විභාගය සම්බන්ධයෙන් විමසීමට සහ පැමිණිලි කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංක 1911/ පාසල් විභාග සංවිධාන ශාඛාව 0112 78 42 08/ 0112 78 45 37 යන අංක ද/ පොලිස් හදිසි ඇමතුම් 119යන අංක ද යොදාගත හැකියි.