මැලේසියානු අගමැති අද දිවයිනට

මැලේසියානු අගමැති නජීබ් අබ්දුල් රෂාක්

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීහු විශාල පිරිසක් හමුවීමට නියමිතව ඇත.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ එම ආර්යාව 19දා මැලේසියාව බලා පිටත්ව යාමට ද නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top