SRILANKAN NEWS

හමුදාව නිදහස් කළ මඩකලපුව මුරකොට්ටාන්චේනයි ප්‍රදේශයේ තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි

batti-1හමුදාව නිදහස් කළ මඩකලපුව මුරකොට්ටාන්චේනයි ප්‍රදේශයේ තිබී මිනිස් අස්ථි කොටස් සොයාගෙන තිබේ. පසුගිය 2014 වසරේ ඉකුත් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හමුදා කඳවුරේ කොටස් කිහිපයක් නිදහස් කර එහි පවුල් 78ක් නැවත පදිංචි කෙරුණි.

එම ප්‍රදේශයේ නිවස් හිමියකු විසින් වලක් සඳහා කළ කැණීමකදී මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ. තවඳුරටත් එම වල සෝදිසි කිරීමේදී ගිනි තැබූ බවට සාධාක හමුවීමෙන් සොයාගත් ඉකුත් අස්ථි කොටස් පිළිබඳ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.

1990 සිට 2014 දක්වා එම ප්‍රදේශයේ හමුදා කඳවුරක් පවත්වාගෙන ගිය අතර, 1990 කාල වකවානුවේ අතුරුදන්වූ බොහෝ පිරිසක් ඉකුත් හමුදා කඳවුරට රැගෙන යෑමෙන් අනතුරුව අතුරුදන්වූ බවත්, මෙම අස්ථි කොටස් එලෙස අතුරුදන්වූ පුද්ගලයන්ගේ විය හැකි බවට ප්‍රදේශවාසීන් සැක පළකර තිබේ.

දැනට එම ස්ථානයට පොලිස් මුරකාවල් යොදා ඇති බව ද වාර්තාවේ.

– Global Tamil News : Sinhala