අගමැති සහ ජපාන විදේශ ඇමැති අතර සාකච්ඡා හමුවක්..

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ මහතා ඊයේ (05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවි සාකච්ඡා කළේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා දේශපාලන සබඳතා තහවුරු කරලීමේ අපේක්ෂාවෙන් තමා මෙහි පැමිණි බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහය අගය කරන බවත් ජපාන විදේශ අමාත්‍ය කොනෝ තරෝ මහතා පවසා සිටි අතර, ඉන්දීය සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස වර්ධනය ලබා ගැනීමේ ශ්‍රී ලංකා අභිප්‍රාය ජය ගැනීම උදෙසා ජපානය හැම විටම සහ ලබාදෙන බව ද පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා මෙන්ම ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් ජපානය නිබඳ ලබාදෙන සහය පිළිබඳව වික්‍ර‍මසිංහ මහතා ස්තූතිය පළ කළේය.

ජපානයේ ආධාර ඇතිව ඉදිකෙරෙන පාවෙන ද්‍ර‍ව බලාගාරය පිළිබඳ ගිවිසම් අත්සන් කිරීම ජනවාරී මාසයේ තුන්වන සතිය වනවිට සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top