අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරියේ විනාශ කිරීමට සැළසුම්

අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 31 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ජනතාව ඉදිරියේ විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා තිබේ.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය සහ බරපතල අපරාධ මර්ධන කොට්ඨාශය මගින් පසුගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති රුපියල් 37 කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, මත්පැන්, ගංජා සහ නීති විරෝධි දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය මහජනතාව ඉදිරියේ විනාශ කිරීම සඳහා නීති ප්‍රතිපාදන සකසා ගෙන යන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ දින පවසා තිබුණි.

මේ වසරේ ද වැටලීම් තවත් වැඩිකොට මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙල තවත් වේගයෙන් ඉදිරියට ගෙන යන බව ද සාගල රත්නායක මහතා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top