දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෙකුට ප්‍රහාරයක්..

සාවකච්චේරිය නගර සභාවට තරඟ කරන දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෙකුට පහරදී ඇති බව පොලීසිය පවසයි. සාවකච්චේරිය සිවන් කෝවිල් ප්‍රදේශයේ දී අද පෙරවරු 10.30ට පමණ ඉලන්කයි තමිලරසු පක්‍ෂ අපේක්‍ෂක කා. සට්කුනදේවන් නැමැත්තාට මෙලෙස පහරදී ඇති බව පැවැසේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සට්කුනදේවන් ප්‍රතිකාර සඳහා සාවකච්චේරිය රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් සාවකච්චේරිය පොලීසිය විසින් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top