SRILANKAN NEWS

කර්මාන්ත ශාලා ඉදිකර, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට පළාත් සභාව සූදානම් නම් මමත් සූදානම්..

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයෙහි නව වසරේ වැඩ කටයුතු සර්වාගමික නායකයන්ගේ ආශිර්වාදය සමග ආරම්භ කිරීමේ උත්සවය සුන්ඩුකුලම් ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර කාර්‍යාලයේදී අද (8) දින පෙරවරුවේ පැවැත්වුණි.

ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වනර්, උතුරු පළාත් සභා විපක්‍ෂ නායක තවරාසා, උතුරු පළාත් අමාත්‍යවරුන් වන සර්වේස්වරන්, ආනන්දි සසිදරන්, සිවනේසන් සහ ගුණසීලන් ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් ද සහභාගිවූහ.

උත්සවයට සමගාමීව උසස් පෙළ විභාගයදී ඉහළින් සමත් වූ සිසුන් නව දෙනෙකුට පදක්කම් පිරිනැමීම ද සිඳු කෙරුණි. එහිදී අදහස් ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා,

උතුරු පළාත් සභාව ඉතිරිව ඇති කාලය මධ්‍යම රජය සමඟ එක්වී පීඩාවට පත්වූ දෙමළ ජනතාවට උදව් කිරීමට උත්සහ කළ යුතු යැයි මෙම නව වසරේ වැඩ ආරම්භ කරමින් ඉල්ලා සිටින බව පවසා සිටියේය.

උතුරු පළාත තුල කර්මාන්ත ශාලා ඉදිකර එමඟින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. එයට අවහ්‍ය සියළු කටයුතු පළාත් සභාව විසින් සිදුකරන්නේ නම් මධ්‍යම රජයේ සහාය ලබාදීමට තමන්ට හැකි බව හෙතෙම පවසා සිටියේය.