SRILANKAN NEWS

දයා මාස්ටර්ට ප්‍රහාරයක්..

යාපනයේ සිට විකාශනය වන පුද්ගලික නාළිකාවකට ඇතුල් වූ පුද්ගලයෙකු එහි සේවය කළ පුවත් අධ්‍යක්‍ෂකවරයාට පහරදී පිහියෙන් ඇනීමට ද තැත් කර තිබේ. මෙම සිද්ධිය අද (8) සවස 3.45ට පමණ සිඳුව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ ඉකුත් මාධ්‍ය ආයතනයේ පුවත් අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කරන දයා මාස්ටර් හෙවත් වේලායුදම් දයානිදිව යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

‘යාපනය රෝහල් මාර්ගයේ පිහිටි ඉකුත් මාධ්‍ය ආයතනයට පිහියක් සමග කඩා වැදුනු පුද්ගලයෙකු, එහි පුවත් අංශයේ අධ්‍යක්‍ෂවරයාට පිහියෙන් ඇනීමට තැත් කර තිබේ. කෙසේ නමුත් එහි සෙසු සේවකයන් මැදිහත්වී ඔහුව බේරාගත් අතර, පහරදීමට පැමිණි පුද්ගලයා පලා යෑමට තැත් කිරීමේදී සේවකයන් ඔහුවද අල්ලාගෙන තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් යාපනය පොලිසියට පැමිණිළි කර ඇති අතර, සැකකරුද පොලිසියට භාරදී තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

වේලායුදම් දයානිදි නැමැති දයා මාස්ටර්, කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශ ලෙස කටයුතු කළ පුද්ගලයකුවේ, අවසන් යුද්දයේදී රජය වෙත භාරවීමෙන් අනතුරුව පුනරුත්ථාපනය ලබා නිදහස් වූ පසු මාධ්‍ය ආයතනයක කටයුතු කරමින් සිටීම විශේෂත්වයකි.